Sunday 28 May 2017

අවුරුදු විසි පහක යුග දිවියක් - Fellow bloggers Kasun and Nirmani to wed


මේ මීට දශක දෙකකටත් පෙර ඉහත කාලයක වූ සිදුවීමකි. නමුත් කිසි දිනක අමතක නොවන්නකි. අද දවසේ ඇති වැදගත්කම නිසා ඊයේ රාත්‍රියේ ද නැවත සිහිවිය.

අපේ කතා නායකයා, දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ දන්නා හඳුනන මිතුරෙකි. ඔහු වාසගමෙන් සූරිය කෙනෙකි. නමුත් ඒ ජයගත් ජයසූරිය කෙනෙකු හෝ විජයග්‍රහණය කළ විජේසූරිය කෙනෙකු හෝ නොවේ. අපේ මිතුරා වීර පරාක්‍රම බල හිමි වීරසූරිය කෙනෙකි.

වීරසූරිය සංගීතයට කැමති ය. හැකියාව ද ඇත.

වීරසූරිය ගී ගැයීමට ද කැමති ය. හැකියාව ද ඇත.

ඒ අප එකල අධ්‍යාපනය හැදෑරූ ආයතනයේ වාරාවසාන සාදය යි. කන බොන අතරේ, සහභාගීවනන්ට ගී ගැයීමට අවස්ථාව ද ලැබුණි. සභාවේ ඉදිරියට ගිය වීරසූරිය ගීයක් ගායනා කළේ ය. මගේ මතකය නිවැරදි නම් ඒ, මා බාල කාලේ, අම්මාගේ උකුලේ නම් අපේ අම්මලා ගේ කාලයේ පැරණි ගීයයි.

මේ කාලයේ අප බොහෝ දෙනෙකු අවිවාහක තරුණයින් වූව ද, මට වඩා වසර කිහිපයකින් වැඩිමහලු වීරසූරිය ළඟදී විවාහ වූ තරුණයෙකු විය.

වීරසූරිය ගේ ගීතය අවසානයේ කිහිප දෙනෙකු කැ ගසා කීවේ, වීරේ තව සින්දුවක් කියපං කියා ය.

ඒ අතර එක මිතුරෙකු ඉල්ලුවේ, වීරේ සූරංගි එක්ක යුග ගීයක් කියන් කියායි. සුරංගි යනු වීරසූරියේ බිරිඳයි.

එයට පිළිතුරු ලෙස වීරසූරිය දුන්නේ අරුම පුදුම පිළිතුරකි.

"ආ, යුග දිවියක් කියන්න ඉතිං බැඳලා අඩු වශයෙන් අවුරුදු විසි පහක් යන්න ඕනෑ, නේ!"

සභාවේ සිනහව මැද එදා ඒ කතාව යට ගිය ද, පසු දින අප ඒ ගැන සාකච්ඡා කරද්දී තේරුණේ වීරසූරියට එක් වරක් නොව දෙවරක් ම සිංහල වැරදී ඇති බවයි.

මුලින් ම, ඔහු යුග ගීයක් යනු කුමක්දැයි නැවැරදිව නොදනියි. ඔහු සිතා ඇත්තේ යුග ගී ගයන්නේ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර හෝ සනත් නන්දසිරි සහ මල්කාන්ති පීරිස් හෝ එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස් හෝ රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා හෝ දයාරත්න රණතුංග සහ අමරා හෝ පී එල් ඒ සෝමපාල සහ චිත්‍රා හෝ වැනි යුග දිවි ගත කරන විවාහකයින් බවයි.

වීරසූරියට සිදු වූ, ඊටත් වඩා බරපතල වැරදීම වූයේ, එලෙස යුග දිවියක් ගත කිරීම යනු, ඔහු සහ සුරංගි මෙන් අලුත බැන්ද යුවලක් නොකරන, විවාහ වී වසර විසිපහක් ගත කළ අය කරන අමුතු ආකාරයේ කාර්යක් බව සිතීමයි!

කෙසේ වෙතත්, අද මැයි මස විසි අටවෙනිදා තම විවාහයේ විසිපස්වෙනි සංවත්සරය සමරන යුවළක් වෙතොත් සහ ඒ සැමියා තම බිරිඳ පිළිබඳව කවියෙන් වර්ණනාවක් කළහොත් එය මෙන්න මේ ආකාරයේ වෙනු ඇතැයි මම සිතමි.

නෙත ගැටුන දා අවුරුදු ගණනකට පෙර
වත මදහස දිටිමි පෙර නොම දුටු අයුර
සිත මා සසල විය හදවත කර විවර
කත ඔබ මගෙ ම බව දැන ගත්තෙමි එවර

යා දෙක රත ය පෑහීමේ කිම අරුම
මා දිවි සුවඳ ඔබගෙයි මට නැත උරුම
බාධක මැදින් ආවෙමු මේ මුළු දුර ම
ආදර සොඳුර කුසුමකි ඔබ සැම දින ම

දින පෙර ලෙසින හෙට දිනයෙ ද පෙම් කරමු
යන දිනයක එකට අපි දෙව්ලොවට යමු
පින ගෙවුණ දා ආපහු මනුලොවට එමු
පණ ඇති තුරා යළි යළි සසරේ බැඳෙමු!


හෙට අනිද්දා විවාහ වීමට නියමිත සහෘද බ්ලොග්කරුවන් වන කසුන් සහ නිර්මාණී යුවලට ද, බ්ලොග් ලෝකයේ සියලුම විවාහකයින්ට ද වාසනාවන්ත යුග දිවියක් වේවායි පතමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.gefier.com/personalized-rings/925-sterling-silver-couple-rings-couple-rings-wedding-ring-60600.html)

25 comments:

  1. Replies
    1. ස්තුතියි!
      රිදී වගේ ද රත්තරං, නේද?

      Delete
  2. Hi Rasika Good Luck for another 25. Its my 25th too ��

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      එකට අමාරුවේ වැටුණු අපි!

      Delete
  3. Replies
    1. කසාද බැඳපු ඕනෑ කෙනෙකුට පොදුයි!

      /*....මැයි මස විසි අටවෙනිදා තම විවාහයේ විසිපස්වෙනි සංවත්සරය සමරන යුවළක් වෙතොත් සහ ඒ සැමියා තම බිරිඳ පිළිබඳව කවියෙන් වර්ණනාවක් කළහොත් එය මෙන්න මේ ආකාරයේ වෙනු ඇතැයි මම සිතමි. */

      Delete
  4. Replies
    1. ස්තුතියි, ඔබටත් එසේම වේවා!

      Delete
  5. මගේ කොමෙන්ට් එක ඇයි අයින් කරේ රසික? මම එකේ කාටවත් දොසක් කියලා තිබ්බේ නැහැනි. මගේ වැඩ ගැන විතරයි නේ එකේ දාලා තිබුනේ?

    ReplyDelete
  6. මේ බ්ලොග් එකේ නම මල්ලේ පොල් ලෙස වෙනස් කළ යුතුය.

    ReplyDelete
  7. වසර විසිපහක් කියන්නේ දිග කාලයක්. සාමාන්‍යයෙන් යුග දිවියට හුරු වෙන්න අවුරුදු තුනක් විතර යනවා. ඒ කාලය තමයි ඉදිරියට නියම බැඳීම ඇති කරන්නේ. ඔබේ අත්දැකීම මොන වගේද.

    ReplyDelete
    Replies
    1. අප විවාහ වී වසර තුනක් යනවිට ජීවිතයේ විශාල වෙනස්කම් කිහිපයක් ම ඇති වුනා.

      1. දෙමව්පියන් ගේ නිවසේ සිට කුලී නිවසකට යෑම
      2. අපේ ම නිවසකට යෑම
      3. දෙමව්පියන් බවට පත් වීම
      4. සංක්‍රමණය
      5. යළිත් කුලී නිවසකට යෑම
      6. වෘත්තිකයින් ගේ සිට ශිෂ්‍යයින් බවට පත් වීම

      විවාහ ජීවිතයත් ඔය අතරේ ගලා ගියා!

      Delete
  8. සනත් හිතුවේ මිනිහා දේශපාලනයේදී අර්ජුනව ඉක්මවන්න. අර්ජුන හිතුවේ ඉම්රාන් ඛාන්ව ඉක්මවන්න.අර්ජුනව මඟ දක්වන්න තාත්තා හිටියා..සනත්ට කවුද මඟ දැක්වූය්‍ෙ?
    Clement Peris

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. මොකද ඉම්රාන් ඛාන්ට තවමත් බැරි වුනා නේ බලයට එන්න!

      Delete
  9. එහෙනම් විවාහ සංවත්සරය සමරන රසික ඔබටත් ලගදිම විවාහපත්වන්නට සුදානම් වන සහෘද බ්ලොග්කරුවන් වන කසුන් සහ නිර්මාණී යුවලටත් කොලොම්පුරෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. සැමට ජයවේවා!

      ගංවතුර නැති වේවා!!

      Delete
  10. විසිපස් වෙනි විවාහ සැමරුමට අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. තුශානිටත් මේ වගේ දවසක් ඒවි!

      Delete
  11. ඔයාල 25 යි නේ.... මුණුපොතේ දැක්කා පින්තූරය. හරි ලස්සනයි. අහිංසකයි... අපේ අම්මගෙයි, තාත්ගෙයිත් මගුල් පින්තූරය හරිම අහිංසක පාටයි.. එයාලගෙ 40 වෙනි සංවත්සරය ජුනි 04 වෙනිදට යෙදෙනවා. හරියටම අපි කසුන්, සත්‍යාගේ ගෙදර එන උත්සවයට සහභාගි වෙන දවසෙ... ඒ නිසාම 03 වෙනිදට යොදා ගත්තා අම්මගෙයි, තාත්තගෙයි විවාහ සැමරුම‍

    ReplyDelete
  12. ඔබ දෙපලට මගේ හදපිරි මෙව්වා එක. මගේ යුග දිවිය නම් 20ක් වත් තිබුනේ නෑ. එයා තනියම දෙව්ලොව ගියා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.