Tuesday 16 May 2017

මල් කුමාරයා - Oh, no!


දැන් ඉතිං මා "උපන්දා සිට හෝ අවුල් වෙන දින දක්වා හෝ ස්වයං චරිතාපදානයක් ලියන්නට සිතෙන් සැලසුම් කරන නිසා, එක අතකට, මේ කෙටි සටහන් මේ ආකාරයට ලියා පළ කිරීමේ තේරුමක් නැත. නමුත් සැලසුම් ක්‍ර්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු පිළිබඳව එතරම් පැහැදීමක් නොමැති නිසා, ඔන්න ඔහේ ලියා දමමි.

අපේ චූටි නැන්දා ගේ විවාහය සිදුවුණේ මා කණිෂ්ඨ පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ කාලයේ ය. හෝඩියේ පන්තිය හෙවත් පළමු වසර එකල පාසල් අධ්‍යාපනයේ නොතිබුණු නිසා එවකට මගේ වයස අවුරුදු හයක් පමණ විය.

චූටි නැන්දා ගේ විවාහ උත්සවය සඳහා මල් කුමරෙකු සහ මල් කුමරියක අවශ්‍ය බව කියවුණි. මෙය ඊට වසර දෙකකට කලින් විවාහ වූ අපේ නන්දා නැන්දා ගේ විවාහ උත්සවයේ දී හෝ ඒ කාලයේ මස සහ ඊට පසුව සිදුවුණු අපේ පුංචි අම්මලා ගේ විවාහ උත්සවවල නොතිබුණු අංගයක් විය.

චූටි නැන්දා ගේ කැමැත්ත වූයේ මා ඒ මල් කුමරා ගේ චරිතය රඟපාන්නට තෝරා ගැනීමටයි. මල් කුමරිය ලෙස අසල නිවසක සිටි චූටි නැන්දා ගේ හිතවත් ගුරුවරියක වූ ශීලා නැන්දා ගේ දියණිය, කුමුදුනී, නම් වී තිබුණි. ඇය මා හා සම වයසේ සිටියේ යැයි සිතමි.

මංගල උත්සවය සඳහා කුමුදුනීට සැරසීමට මල් කුමාරී ඇඳුමක් ඇගේ මව සතුව විය. ඊට ගැලපෙන පරිදි මල් කුමරා ඇඳිය යුතු වූයේ සිල්ක් දිග කලිසමක් සහ රැළි දැමූ සිල්ක් කමිසයකි. මල් කුමරිය කුඩා මල් පොකුරක් අත දැරිය යුතු වූ අතර මල් කුමරා සඳහා පොඩි බස්තමක් වැනි පොලු කෑල්ලක් අත දැරීමට නියමිතව තිබුණි.

මල් කුමරා ගේ ඇඳුම් කට්ටලය චූටි නැන්දාට දීමට ඇය සමග එකම පාසලේ සේවය කළ ගුරුවරියක වූ එදිරිසිංහ ටීචර් පොරොන්දු වී තිබුණි. මේ එදිරිසිංහ ටීචර් යනු සුනිල් එදිරිසිංහ ගේ අක්කා බව මගේ මතකයයි.

ඇඳුම් කට්ටලය ගෙන ඒම සඳහා චූටි නැන්දා මා ද කැටුව එක්තරා සෙනසුරාදාවක සපුගස්කන්ද බලා ගියා ය. එදිරිසිංහ ටීචර් ගේ නිවසේ දී වැටහුණේ මල් කුමරා ගේ කලිසමට යාන්තමින් බැසීමට මට හැකි වුණ ද, දිගෙන එය අඟල් හයක් පමණ කොට බවයි. රැළි කමිසයේ ද බොත්තම් පියවීම අසීරු විය.

එය අවුරුදු හතරක පහක කොලුවෙකු සඳහා මසන ලද ඇඳුම් කට්ටලයකි.

යම් කිසි තීරණයක් ගත් චූටි නැන්දා මා කැටුව යළි මහගෙදරට ගියේ ඇඳුම් කට්ටලය ද රැගෙන ය.

මංගල උත්සවයේ මල් කුමරා චරිතය මගේ රුවන් මල්ලීට හිමිවිය.

මම නිකම්ම නිකම් ප්‍රේක්ෂකයෙකු පමණක් වීමි!

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/msousli/my-paintings/)

22 comments:

  1. //මල් කුමරා සඳහා පොඩි බස්තමක් වැනි පොලු කෑල්ලක් අත දැරීමට නියමිතව තිබුණි.//

    මම හිතන්නේ ඔතන අතට දෙන්නේ බස්තමක් නෙමේ වේවැලක්.මට නම් මල් කුමාර චාන්ස් වැදිලා නැහැ.අපේ මල්ලිට නම් ඉඳලා තියෙනවා එහෙම වේවැලක් අතින් අරන්.මට හම්බවෙලා තියෙන්නේ මනාල යුවලගේ කකුල් හොඳන්න.පොඩි වැඩේ ජෝඩුවගේ කකුල් දෙකට වතුර පොඩ්ඩක් දාන්න විතරයි තියෙන්නේ.සංතෝෂම රත්‍රන් මුද්දක් !

    ReplyDelete
    Replies
    1. මා විවාහ වෙන කොට ඒ කකුල් හෝදන වැඩ සහ තවත් අදාල නැති නොයෙකුත් චාරිත්‍ර අයින් කළ නිසා, බිරිඳ ගේ ඥාති සොහොයුරෙකුට මුද්දක් අහිමි වුනා, එහෙනම්!

      පොර මට හිතෙන් බනින්න ඇති!

      Delete
  2. රසික...අවුල් සහ අරූ සම්බන්දවත් ලියා තිබුන නිසා, මම තවමත් බ්ලොග්ස් කියවන්නෙක් බව මුලින්ම කියමි.

    රසික ඔබේ ජීවිතය ලියන්න.තමා තමන් ගැන ලියවීම තරම් තව ආතල් එකක් නැත. නමුත් එය ඉතා අවංක සහ නිර්ව්‍යාජ ලියවිල්ලක් විය යුතු බව මම නිතර සිතමි. ඒ වෙන කිසි බාල අවශ්‍යතාවයන් නිසා නොවේ. ඒ තම තමන්ව නිවැරදි තක්සේරුවට පත්කර ගත හැකි, එකම සහ අවසාන අවස්තාව නිසාවෙනි. මම බොහෝ සැබෑ මිනිසුන් පිලිබඳ කියවා ඇත්තෙමි. ඔබ ලියන්න.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අරූ අයියා

      Delete
    2. අරූ අයියා ඇවිත්. සතුටුයි.

      Delete
    3. ඔබේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි අරුණ.

      ඇත්තටම අප කියවමින් ආ ඔබේ කතාව අතරමග නතර වීම නිසා, මා ඇතුළු බොහෝ දෙනෙකු තවමත් දුක් වෙන බව කිව යුතුයි.

      වෙනනම නම් නොකළත්, මා බ්ලොග් ලිපිවල වැඩියෙන් ම ලියා ඇත්තේ මගේ ම කතාව තමයි. වෙනස තමයි, ඒවා කාල රේඛාවකට සම්බන්ධ නොකිරීමට සහ එනිසාම පෙළ නොගැස්සවීම.

      Delete
    4. ආසාවෙන් කියවපු බ්ලොග් එක නතරකලේ ඇයි අරුන අයියා? කවුරුත් නිසා කලකිරින්නේ ඇයි? ඔබ ඔබ වෙනුවෙන් ලියන්න. අපි කියවන්නනම්.

      Delete
  3. අපරාදේ කුමුදුනීට උම්ම එකක් දිගන්න තිබ්බ චෑන්ස් එක

    ReplyDelete
    Replies
    1. අවංකවම එහෙම ආසාවක් නම් තිබුණේ නෑ. තාමත් ඇය ගමේ ඇති!

      Delete
  4. මල් මල් කුමරි හා හිඳිනට සිතූ තරම්
    කල් කල් නොගොස් ඒ සිහිනය බිඳුණු තරම්
    රැල් රැල් හිනා වෙනුවට දුක දැණුනු තරම්
    මල් මල් කුමර දුක දැණුනා අහස තරම්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මල් කුමරිය හා හිඳිනට සිතුනාය
      කල් නොගොසින් ම ඒ සිහිනය බිඳුණා ය
      රැල් රැල් හිනා වෙනුවට දුක දැනුණා ය
      මල් කුමරාට රැ සිහිනෙන් ඇඬුණා ය!

      (හරි ලේසියි මට පිළිතුරු කවි ලියන්න!)

      Delete
  5. රසික, ඔබගේ ජීවිත කතාව ලංකාවේ පාඨකයන්ට කියවන්න තරම් ඔබ ලංකාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද ? නිදහස් අධ්‍යාපනය කියා පිනට ඉගෙනගෙන, විශ්ව විද්‍යාල ජීවිතය තුල නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට අරගල කරනවා කියා අනෙකුත් ශිෂ්‍යන්ගේ අයිතීන් අහිමි කර, තම සුඛෝපභෝගී පැවැත්ම තකා දෙමාපියන් ඇතුළු සියල්ල අතහැර, ඔසී පැනපු ඔබේ ජීවිත කතාවට සුදුසුම නම "ආත්මාර්ථකාමියෙකුගේ හෘද සාක්ෂිය" වැන්නකි. ලංකාවේ සිටියානම් ප්‍රොෆෙසර් කෙනෙක්වී රටට වැඩක් කළ හැකිව තිබූ ඔබ, සුද්දන්ගේ කුණු අදින රීසයික්ලින් කොම්පැණියක හිටගෙන වැඩ කිරීම දෛවයේ සරදමකි. ඔබම කියා ඇති සැටියට, උදෙන් පැමිණියොත් පමණක් work station එකක් හිමිවේ. අහෝ ඛේදයකි ! කෙස් පැලෙන තර්ක අදාලම නැත, සරල යථාර්තය මෙයයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ, ඔබ මේ කිසි දෙයක් නොදැන, රිසි පරිදි උපකල්පනය කර ලියා ඇති මේ කතාවෙන් හෙළිවන්නේ ඔබේ ම පුකත්වයයි.

      ඉසිකෝමානයෙන් ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

      Delete
    2. පුකත්වයයි..... !!!! Whats that ? LOL

      Delete
    3. පුකත්වය කුමක්දැයි ගූගල් සෙවුමක් කර බලන්න!

      Delete
  6. අයියාට මල් කුමරෙක් වෙන්න ලැබුනාට මම ඇඩු හැටිත් අම්මාගේ මාමා ගේ දුව ඇගේ විවාහයේ මල්කුමරාට මාව ගන්නවා කියා රුවටු හැටිත් මතක්වුනා. එත් කිසි දිනයක මල්කුමරෙක් වෙන්න බැරිවුනා

    ReplyDelete
    Replies
    1. මල් කඩා ඇති අය මල් කුමාරයින් ය කියා හිත හදා ගනිමු!

      Delete
  7. අව්‍යාජ සටහනක් රසික. අපරාදෙ මල්කුමාරයාට ඉන්න ලැබුනා නම් හොදා. මාව පුන්චි අම්මෙක් ගෙ මල්කුමාරියට අරන් මරදානෙ ඩොනල්ඩ් චායාරූප ශාලාවෙ ලයිට්ස් නිමද්දි කෑ ගහල ඇඩුවලු. පස්සෙ ලොකු නන්ගි තමයි ඉදල තියෙන්නෙ පොටෝ එකට. තාම හිනා වෙනව මට කට්ටිය.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ වගේ නොවෙයි දැන්, පොඩි ළමයින් රංචු පිටින් ගන්නවා නේ. ඒ විතරක් නොවෙයි, මං දැක්කා එක වෙඩින් එකක බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා හය දෙනයි, බෙස්ට්මන්ලා හය දෙනයි!

      Delete
    2. ඇයි ලංකාවේ වැඩිම බෙස්ට්මන්, බ්‍රයිඩ්ස් මෙඩ්ස් සහභාගී උන වෙඩිම දැක්කේ නැද්ද ?

      Delete
  8. Kohoma hari wede karanawa ayya indirect hari ratata jathiyatai sanskrutiyata kelina eka...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.