
මරණය කාටත් පොදු දෙයකි.
දිනකට ලෝකයේ එක් ලක්‍ෂ පනස් දහසක් තරම් විශාල සංඛ්‍යාවක් මිනිසුන් මිය යති.
නමුත් අපට දුකක් දැනෙන්නේ (තරමක් හෝ) දන්නා හඳුනන අයෙකු මිය ගිය විට පමණි.
ඊට අමතරව, හදිසි මරණ ද, වැළැක්විය හැකි හේතු නිසා සිදුවෙන අකාල මරණ ද සිතට දුක ගෙනෙයි.
"අසමි, දකිමි, සොයමි" නමින් යුතු සිංහල බ්ලොගය රචනා කළ විචාරක නම් බ්ලොග්කරුවා ගේ මරණය ඔහු ගැන දන්නා සැම දෙනෙකු ගේ මෙන් ම මගේ සිතට ද දුකක් ගෙනාවේ ය.
අද සෙනසුරාදා උදේ පාන්දර පහට පමණ සැලසුම් නොකළ ආකාරයකට අවදි වුණු වෙලේ, ජංගම දුරකථනයෙන් ෆේස්බුක් පිරික්සා බලන විට මුලින් ම ඇස ගැසුණේ දේශක යා නම් බ්ලොග්කරු විසින් තබන ලද විචාරක ගේ මරණය පිළිබඳ කෙටි සටහනකි.
ඊළඟට මා දුටුවේ ලක්මාල් කන්දේවිදාන ගේ සටහනයි.
යළි නින්දට යෑමට තැත් කළ ද එය එතරම් සාර්ථක නොවුණි. දැන් පැය විස්සකට පමණ පසුව මේ සටහන ලියන මොහොත වන විට ද, ඒ ඇතිවුණු "අයියෝ!" සිතුවිල්ල සිතේ හිරවී පවතී!
පසුගිය දිනක සිඩ්නි නගරයේ, ඔලිම්පික් ක්‍රීඩාගාරයේ දී පැවති, දහසක් පමණ දෙනා සහභාගී වූ "ඩී.එන්.ඒ. ඔෆ් අන්කන්ඩිෂනල් ලව්" නම් මැයෙන් වූ භාවනා සහ ධම්ම වැඩ සටහනක දී, එය මෙහෙය වූ අජාන් බ්‍රහ්ම් නම් බෞද්ධ භික්‍ෂුව, "ස්නූපි" නම් බලු පැටියෙකු සහ "චාලි බ්‍රවුන්" නම් කොලු පැටියෙකු ගේ ප්‍රධාන චරිත සහිත "පී-නට්ස්" නම් කාටුන් මාලාවේ ආ පහත දැක්වෙන සුප්‍රසිද්ධ කාටූනය පිළිබඳව සඳහන් කළේ ය.

"කවද හරි දවසක අපි සේරම මැරෙනවා ස්නූපී" චාලි බ්‍රවුන් ස්නූපි අමතා පවසයි.
"ඇත්ත!" ස්නූපි පිළිතුරු දෙයි "නමුත්, අනිත් කිසිම දවසක අපි මැරෙන්නේ නෑ නේ!"
මෙය සදාකාලික සර්වශුභවාදී අදහසකි.
අප සැම කළ යුත්තේ ඒ කවදා හරි දවස එනතුරු අප හමුවේ ඇති ඉතුරු දවස් සතුටෙන් ගත කිරීමයි.
අඩියෝස් අමීගෝ විචාරක!
-රසිකොලොජිස්ට්
ප/ලි:
විචාරක පිළිබඳව ලියවුණු මා කියවූ වෙනත් ලිපි:
1. 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
https://atampahura.blogspot.com/2017/04/2016-26-2315.html
2. විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup
http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html
3. මේජර් ගුණරත්න හෙවත් ආදරණීය විචා ඔබට සුභ ගමන්
http://kolambagamaya.blogspot.com/2017/04/blog-post_29.html
4. ඔබට සුබ ගමන් විචාරක මාමේ...
http://littleflowerbuds.blogspot.com/2017/04/blog-post.html
5. සුභ ගමන් විචාරකතුමනි.. !!!
http://kalahitha.blogspot.com/2017/04/blog-post.html
6. විචාරක මලා
http://ansathudinapotha.blogspot.com/2017/04/blog-post_74.html
7. විචා...සුබ ගමන් එහෙනම්
https://vibheeshana2.blogspot.com/2017/04/blog-post_30.html
8. Three Of A Kind…Remembrances of Ilandariya, Oba and Wicha…...
http://ranrandil.blogspot.com/2017/04/504-three-of-kindremembrances-of.html
9. ළයාදර හිතවත ඔබට සුබ ගමන්
https://sugv.wordpress.com/2017/04/29/ළයාදර හිතවත ඔබට සුබ ගමන්/