Monday 15 May 2017

දිද්දෙණියේ දර්මදාස - Grade four memories


අද උදේ මා පළ කළ "දද, දද, දද, දද, දද" සටහන දුම්රියේ යද්දී නැවත කියවන විට තවත් පැරණි මතකයක් සිතට නැගුණි.

ඒ ද-යන්නේ සින්දුව යි.

අප කුඩා කාලයේ මගේ මල්ලී ගේ උපන් දිනයකට අපේ සුනීතා පුංචි අම්මා විසින් අපූරු පොතක් තෑගි දී තිබුණි. එහි නම වූයේ සින්දු හෝඩියයි.

ඒ. එච්. පියසේන නමැති අයෙකු විසින් රචනා කර ඇති මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ වී ඇත්තේ, සිංහල හෝඩියේ අකුරු සින්දු යැයි මෙහි දී හැඳින්වෙන කුඩා කවි පන්ති මගින් ඉදිරිපත් කිරීමයි. එක් එක් අකුර සඳහා ඒ ඒ අකුර ඉතා බහුලව යෙදෙන කවි පෙළ බැගින් මෙහි යොදා ඇත.

කුඩා කවි පන්ති විසි හතරකින් යුතු ඒ එකතුවෙන්, මගේ මතකයේ හොඳින් ම රැදී තිබුණේ ද-යන්නේ සින්දුවයි. ඒ එහි කියවෙන අපූරු කතන්දරය නිසා යැයි සිතමි.

කෙසේ වුව ද, ද-යන්නේ සින්දුව පිළිබඳ මගේ මතකයේ ද අඩුපාඩු තැන් තිබුණු අතර, පසුගිය වරෙක ලංකාවට ගිය වේලේ සින්දු හෝඩිය පොතේ දෙවන (1998) මුද්‍රණයෙන් (සරසවි, නුගේගොඩ) පිටපතක් හදිසියේ ඇස ගැසී මිලට ගන්නට මට අවස්ථාව ලැබුණු නිසා නැවතත් ඒ කවි සියල්ල ම රස විඳිය හැකි විය.

ඔබේ රස වින්දනය පිණිස මෙන්න ඒ ද-යන්නේ සින්දුව.

වස ගානෙ දිද්දෙණියේ
ර්මදාස හති
ගෙවල් වලට ඇවි බෙයි
වස පත්තරේ

ර්මදාස මුලදි මුලදි
ඬු රු පැටියෙකි
ද්දුව මද්දුම සීයයි
හො හැටි හැදුවේ

කුණු ණේ දදේ හැදී
දුක් වි විඳිනා
ම්බැද්දේ යානන්
ර්මෙ ගෙ මිතුරා

වසක් දා යානන්
දේට වෙ කමක් ගන්න
වෙ ගෙරට ඇදෙන විදි
ර්මෙට පෙනුණා

යානන් හති
වි වි කොර ඇ
දෙන විදිදුටු ර්මේ
දින් දුක්වුණා

ර්මදාස කිට්ටු වෙලා
යානන් කරට අරන්
දොළෙන් එහා වෙ ගෙරට
ගිහින් ඉන්දුවා


මේ දෙවෙනි මුද්‍රණයේ ඇති එකම අඩුව නම්, එදා අප කියවූ මුද්‍රණයේ රතු අකුරෙන් මුද්‍රණය කර තිබුණු ඉහත කවියේ ද-යන්න වැනි ඒ එක් කවියේ මූලික අකුර එලෙස වෙනසක් නොම කර, කළු පැහැයෙන් ම මුද්‍රණය කර තිබීමයි.

මේ සින්දු හෝඩිය කතෘ ඒ එච් පියසේන ගේ පොතේ පසු කවරයේ දැක්වෙන ඡායාරූපයයි.



සින්දු හෝඩිය පොතේ එන කවි පන්ති විසි හතරම මේ ආකාරයේ අපූරු නිර්මාණ වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ඒ. එච්. පියසේන යනු අතාවුද හෙට්ටිගේ පියසේන නම් පාසල් ගුරුවරයෙකු බවත්, ඔහු කලක් කොළඹ රාජකීය විද්‍යාලයේ සේවය කළ බවත්, ඔහු සමන් සහ අශෝක අතාවුදහෙට්ටි ගේ පියා බවත් ෆෙස්බුක් හරහා සචින් ජයනෙත්ති විසින් දන්වා ඇත.

15 comments:

  1. http://dumimda.blogspot.com/2016/09/blog-post_26.html?m=1

    ReplyDelete
    Replies
    1. ඉහතින් තියෙන්නේ මගේ පරණ පෝස්ට් එකක්. මෙතනට ගැළපෙයි කියලා හිතනවා.

      Delete
    2. එළ!

      අපූරු නිර්මාණයක් දුමින්ද!!

      ඒ කවිවල නැන්දා වෙනුවට දුමින්ද කියලාත් දැම්මා නම් දයනු ගාන වැඩි කර ගන්න තිබුණා.

      Delete
    3. මරු! දුමින්ද කියල දැම්මනම් මියන්නක් එනවනේ. ද හා න ශබ්ද පමණයි කවි පංතියට යොදාගෙන තියෙන්නේ.

      Delete
    4. ඉකොනොමැට්ටා හරි. කවිය ලිව්වේ "න" සහ "ද" වලින් විතරයි.

      Delete
    5. මං මුල් වරට දුමීගේ කවිය කියවූ වෙලාවේ එතැනට ගියේ ද-යන්න ගැන හිතමින් නිසා ඊට අමතරව න-යනු විතරක් ඇති බව දැක්කේ නෑ.

      එතැන ඉකොනොමැට්ටා ලියා තිබුණු කවියත් කියවූ පසු මටත් හිතුණා න-ද කවියක් ලියන්න.

      නැණ දන දෙන දානේ
      නද දෙන්නේ නෑනේ
      දද දන නෑ දන්නේ
      නන්දන නද දෙන්නේ

      Delete
  2. රතුපාට විය යුතු තවත් දයනු හයක්:
    දළ දඬු ඟ දරු පැටියෙකි
    දවසක් දා දයානන්ද
    දේට වෙද කමක් ගන්න
    වද වි වි කොර ඇද ඇද
    ඇදෙන විදිය දුටු දර්මේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඉකෝන්. ඇත්තට ම අකුරු නමයක් රතුපාට කරන්න වුණා, ද-යනු, ඳ-යනු සහ ඒවායේ විවිධ සංයෝජන!

      Delete
  3. අද දවසම දයනු ගැනද

    ReplyDelete
    Replies
    1. ඔව් සඳුදා නේ! එතැනත් -යනු දෙකයි!

      Delete
  4. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං... සෑහෙන්න මහන්සිත් ඇතිනෙ... වතුර එකක්වත් බීපං

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.